හිඟව පවතින ලුණු පෞද්ගලික අංශයට ආනයනය කිරීමටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ අනුව, පසුගිය ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබුණා.
එමෙන්ම, එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි රජය පසුගියදා තීරණය කළේ.
මෙම තත්ත්වය හමුවේ ලුණු නිෂ්පාදකයින් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අතර ඊයේ සාකච්ඡාවක් පැවතුණා.
මේ අතර, පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට ද පියවර ගන්නා බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.
එමෙන්ම පොල් හිගයට රිලා උවදුර ද බලපා ඇති බැවින්, ලබන 15 වැනිදා රිලවුන් පිළිබඳව සංගණනයක් සිදු කරන බවයි කොළඹ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු කියා සිටියේ.

