NEWS

වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයින් 8ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් 08 දෙනෙකු කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ආඬිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයින් පිරිසක් වීසා නොමැතිව රැදී සිටින බවට ලැබුණු තොරතුරක් මත කටුනායක පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන බංග්ලාදේශ ජාතිකයින් බව සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »