වී මිලදී ගැනීමට රජයේ වී ගබඩා විවෘත වෙයි

වී මිලදී ගැනීම සඳහා අද (06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ මේ වන විට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවයි.

වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (05) ප්‍රකාශයට පත් කළ සහතික මිලට වී මිලදී ගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »