ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් බවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඉෂාරා සෙව්වන්දි හට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් මතුගම, වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු, ඔහුගේ බිරිඳගේ මව, මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු සහ තවත් කාන්තාවක් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි

