NEWS

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920ක් දක්වා ඉහළට

වෙනිසියුලාවට ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් පසු අද (27) දිනයේදී නැවතත් තවත් භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ අනුව රික්ටර් මාපකයේ 4.9ක අගයක් ගෙන ඇති මෙම භූකම්පන තත්ත්වය ද උතුරු වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති බවත් සඳහන් වේ.

පසුගිය බදාදා දින වෙනිසියුලාවට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දරුණු භූ කම්පන තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.

එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 900කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »