Avishka

වැලිගම සභාපති ඝාතනයේ තවත් තොරතුරු

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රශ්න කරමින් සිටී. එමෙන්ම වෙඩික්කරුට ප්‍රවාහන හා පහසුකම් සැපයූ සැකකරුවන් තිදෙනා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි….

Read More

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය. ක්‍රීඩිකා 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් ,…

Read More

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා වන පෝල් බියා (Paul Biya) 8වන වරටත් කැමරුන් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වී තිබේ. ඒ මෙවර පැවති ජනාධිපතිවරණයේ දී 53.7%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. 92 හැවිරිදි වියේ පසුවන පෝල් බියා නැවත වරක් තමා කෙරෙහි විශ්වාසය තැබීම ගැන කැමරුන් ජනතාවට සිය ස්තූතිය පළකර ඇත. සාමකාමී එක්සත් සමෘද්ධිමත් කැමරුන් රාජ්‍යයක් ගොඩනැගීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන…

Read More

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී මරුට

ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී අද (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ. ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මෙම අනතුරින් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා 21 හැවිරිදි විදේශිකයා අත්අඩංගුවට

රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු වන…

Read More

වැලිගම සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කට?

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වී ඇතැයි පොලීසිය පවසයි. ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවටගත් අවස්ථාවේ හෙළිකර ඇත්තේ මෙම ඝාතනය ‘ඩුබායි ලොක්කා’ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ බවය. සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 6 දෙනාගෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී. වැලිගම ප්‍රාදේශීය…

Read More

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2025 බහරේනයේ පැවති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. ගත වූ කාලය මිනිත්තු 1 තත්පර 52.82 කි. එය එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය බව සඳහන් වේ. නිරුදක විශාල්, බිඟුමිනා ආදිත්‍ය, ශානුක කොස්තා සහ චමිඳු සත්සර යන සිව්දෙනා මේ සඳහා තරග සඳහා සහභාගි විය. අවසන්…

Read More

පිලිපීනයේ ටාල් සක්‍රිය වෙයි

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ.  මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප විසි වී ඇති බව සඳහන් වේ. ටාල් ගිනි කන්ද අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ පවතී….

Read More

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…

Read More

මොන්තා සුළිකුණාටුව හෙට ඉන්දියාවට

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. “මොන්තා” සුළිකුණාටුව ලෙස නම් කර ඇති මෙම පීඩන අවපාතය දැනට සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති බවත් එය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු…

Read More
Translate »