NEWS

admin

වන අලි ගැටීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශවල දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එහි මූලික පියවරක් ලෙස අලින් වැඩි වශයෙන් සැරිසරන කාල සීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සදහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර…

Read More

විදෙස් සංචාර සඳහා යන පාකිස්ථානුවන්ට දැඩි නීති

පාකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් ප්‍රථම වරට විදෙස් සංචාරයකට එක්වන එරට සංචාරකයින්ට සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, විශේෂයෙන් ගුජ්රන්වාලා (Gujranwala), ගුජ්රාට් (Gujrat), සියල්කොට් (Sialkot), මන්ඩි බහද්දීන් (Mandi Bahauddin) සහ ජෙලුම් (Jhelum) යන ප්‍රදේශවලින් පැමිණෙන වයස අවුරුදු 35 ක් පමණ වයසැති අයට, සෞදි අරාබිය ඇතුළු රටවල් රැසකට ගමන්…

Read More

පාසල් ළමුන් රැගත් වෑන් රථයක් බිහිසුණු අනතුරකට ලක් වෙයි

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසළ තිබූ ගසක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11 ත් 14 ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14 ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා…

Read More

නේපාලයට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට එරට වේලාවෙන් අද අලුයම 2:51ට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බවයි. එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති…

Read More

ග්‍රහලෝක 07ක් නැරඹිය හැකි දුර්ලභ අවස්ථාව අදයි

අහසේ දර්ශනයවන ග්‍රහලෝක 07කින් 05ක්ම අද (28) දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. මෙම ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය 25 වැනිදා සිට උදා වුණා. එමෙන්ම අනිකුත් ග්‍රහලෝක දෙක නැරඹීම සඳහා කුඩා දුරේක්ෂයක් අවශ්‍යයි. මෙම ග්‍රහලෝක පස්වරු 06.30 සිට පස්වරු 07.10 දක්වා කාලය තුළදී ඉන් ග්‍රහලෝක…

Read More

ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය අද උදෑසන වීරවිල ගුවන් හමුදා කදවුර ඉදිරිපිටින් ආරම්භ වුණා. පිරිමි පා පැදි තරගය තෙදිනක් පුරා පැවැත්වෙන අතර එහි පළමු අදියර ලෙස අද වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර් 140.05ක දුරක් ධාවනය කෙරෙනු ඇති. ඒ සදහා තරගකරුවන් 168 දෙනෙකු එක්ව සිටිනවා. මෙවරත් ගුවන්…

Read More

අලුත් වාහන සතියකින් අලෙවියට

ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. වැගන් ආර්, ඇල්ටෝ, ටොයෝටා යාරිස්, වෙසල් ඇතුළු වාහන වර්ග කිහිපයක් එලෙස ජපානයෙන් ගෙන්වා තිබුණා. වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 65ත් 75ත් අතර මිලකටත්, ආර් එස් මෝටර්…

Read More

පාරිභෝගිකයින්ගේ සුරක්ෂිත තැන්පතුවලට අදාළ පොලිය ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදුලිබල මණ්ඩලයට නියෝග

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සදහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ඔවුන් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළා. ඒ. එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකගේ නියෝගයකට අනුවයිලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ ජනවාරි 30වනදා තම අධිකරණයට ඉදිරිපත්…

Read More

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් නව විසඳුම්

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (24) පරිසර අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා. ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුන්වාදුන් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙහිදී සිදුව තිබුණා. තවද, එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ…

Read More

බස් අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු තිදෙනෙක් රෝහලේ

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පදවිය යාය 06 ප්‍රදේශයේදී අද (25) සිදුවූ අනතුරකින් පාසැල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය පවසනවා. වැලිඹය පරාක්‍රමපුර මාර්ගයේ යාය 06 ප්‍රදේශයේ වංගුව සහිත ස්ථානයකදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හා ඇගළුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුරටපත් පාසල්…

Read More
Translate »