NEWS

admin

යුරෝපා සංගමය සහ අමෙරිකාව වෙළඳ යුද්ධයකට අවතීර්ණ වන ලකුණු

යුරෝපා සංගමයට අයත් රටවලින් ගෙන්වන මත්පැන් සඳහා 200% ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඒ, අමෙරිකාවේ නිෂ්පාදිත මත්පැන් සදහා 50% ක තිරුබදු පනවන බවට යුරෝපා සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසයි. යුරෝපා රටවලින් ආනයනය කරනු ලබන වානේ සහ ඇලු‍මිනියම් සඳහා තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය…

Read More

දින ගණනක් වහන් වී සිටි දළ කැඩුණු සුමේධ සොයාගැනේ

ලොරියක ගැටී සිදුවූ අනතුරකින් දළයක් ගැලවී අතුරුදන්ව සිටි සුමේධ නැමැති ඇතා අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, වනජීවී නිලධාරීන් ඇතුලු පිරිස් මරදන්කඩවල ලබුනෝරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ඇතා සොයාගෙන ඇති බවයි. හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා මෙම අනතුර සිදුවූ අතර,…

Read More

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සදහා තාවකාලිකව වසා දැමේ

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර, සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සදහා හෙට දිනයේදී වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට (15) උදෑසන 10 සිට 16වනදා උදැසන 06.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එහිදී…

Read More

නවසීලන්ත කාන්තා පිල පැරදූ ශ්‍රී ලංකා කාන්තා පිලට පළමු තරගයේ ජය

සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අද (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්. අද තරගයේ පළමුවෙන් පන්දුවා පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් තුල කඩුලු සියල්ල දැවී ලකුණු 101ක් රැස් කළා. එහිදී, Emma McLeod…

Read More

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ

ලොව පැරණිම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි දිගහැරුම අද සනිටුහන් කෙරෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන ලොව දෙවැනි පැරණිතම මෙන්ම, දීර්ඝතම මහා ක්‍රිකට් තරගය ලෙසින් සැලකෙන අතර එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල සහ සාන්ත පීතර යන විදුහල්…

Read More

අමෙරිකාවෙන් චීනයට චෝදනා

විරුද්ධවාදීන්ගේ දත්ත අලෙවි කළ බවට චෝදනා කරමින් ඇමරිකාව විසින් චීන ජාතිකයින් 12 දෙනෙකුට නඩු පවරා තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, චීන ජාතිකයින් විසින් එරට භාණ්ඩාගාරය ඇතුළු රජයේ ආයතන ද ඉලක්ක කර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් චීනය මේ සදහා ප්‍රතිචාර නොදක්වා ඇති අතර එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කරනවා

Read More

ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ගැන අනාවරණයක්

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු එම ඝාතනය සිදුකළ වෙඩික්කරු බවටම ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා. මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුගේ ඇඟිලි සලකුණු…

Read More

වායු දූෂණය අවම කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් සකස් කරන බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියකවන වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක්…

Read More

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීමක්

ගාසා තිරයේ රදවා තිබෙන සියලු‍ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවයි ට්‍රම්ප් කියා සිටියේ. එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙසයි හමාස් සංවිධානයට ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ.

Read More

රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. මේ වන විට…

Read More
Translate »