NEWS

admin

ගෝල්ෆේස් ජංගම වෙළඳසැල් වටලයි

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගිකයින් කළ පැමිණිලි මත ගාලු‍මුවදොර පිහිටි ජංගම වෙළඳසැල් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඊයේ වටලනු ලැබුවා. එහිදී වැඩි මිලට පානිය ජල බෝතල් සහ පැණි බීම බෝතල් අලෙවි කළ වෙළඳසැල් වෙත නඩු පැවරීමටයි පියවර ගනු ලැබුවේ. එමෙන්ම ආහාර වල මිල ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් වලට ද නඩු පවරා තිබෙනවා.

Read More

චීනයේ අක්‍රමිකතා ගැන අමෙරිකාවෙන් වාර්තාවක්

2027 වන විට හමුදාව නවීකරණය කර තායිවානය ආක්‍රමණය කිරීමට චිනය සූදානම් වන බව එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් උපුටා දක්වමින් තායිපේ ටයිම්ස් වාර්තා කරනවා. එම වාර්තාව පෙන්වා දෙන්නේ, චීන මහජන විමුක්ති හමුදාවේ දූෂණය නැවැත්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං දශකයක් පුරා ගෙන ගිය ව්‍යාපාරයේ අරමුණ වන්නේ එම ආක්‍රමණය බවයි. “චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයේ ධනය සහ දූෂිත…

Read More

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර 160ක් පමණ දුරින් පොළොව අභ්‍යන්තරයේ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. ඒ හේතුවෙන් නවසීලන්තයේ සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් කලාපවල පදිංචිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ජාතික හදිසි කළමනාකරණ ආයතනය දැනුම් දී තිබෙනවා. 2011…

Read More

පුංචි ඡන්ද අපේක්ෂකයාගේ නම කැත කළ බුකී වීඩියෝවට වැඩ වරදී

ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් ඊයේ (24) පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව සිරිපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මේ අතර පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ කටවුට් එකක් ප්‍රදර්ශණය…

Read More

අයවැය විවාදය අතරතුර කොට්ටහච්චි, නි. ඇමති චතුරංග එක්ක ටේබල් ටෙනිස් ගහලා

2025 අයවැය විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා මෙවරත් වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා. එහිදී පැවති මේස පන්දු තරගාවලියේදී කාන්තා ඉසව්වෙන් ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සමත්ව ඇති අතර, ඇය සමග තරගකළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ලට අනුශූරතාවය හිමිව තිබෙනවා. එමෙන්ම, යුගල මේස පන්දු තරගාවලියේ ජය වාර්තා කිරීමටද…

Read More

බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවෙකු මරුට

යාපනය, කයිට්ස්, නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවෙකු ඩීසල් ශරීරගත වීම නිසා පසුගිය 22 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නැමති දරුවෙක්. අප වාර්තාකරු සඳහන් කළේ, මියගිය දරුවාගේ පියා තවත් අයෙකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කොට ඇති අතර, එයින් ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා…

Read More

අමෙරිකා, යුක්රේන සහ රුසියානු නියෝජිතයින් අතර හමුවක්

අමෙරිකා, යුක්රේන සහ රුසියානු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් අද (24) පැවැත්වීමට නියමිතයි. ඒ, සෞදි අරාබියේ රියාද් නුවර දීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේන – රුසියා යුද්ධයට ක්ෂණික අර්ධ සටන් විරාමයක් සහ පසුව පුළුල් සාම ගිවිසුමක් ඇති කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පවත්වන බවයි. එහිදී රටවල් දෙකෙහිම නියෝජිතයන් වෙන් වෙන්ව හමුවී මෙම සාකච්ඡා පැවැත්වෙන බවද විදෙස් වාර්තා…

Read More

ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් සඳහා පූර්ණ අරමුදලක්

ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් සඳහා පූර්ණ අරමුදලක් සැපයීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මෙම වසරේ සහ ලබන වසරේ ඩොලර් බිලියන 16.5ක මුදලක් එරට රජය විසින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කැන්බරාහි පැවති හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර 10…

Read More

නාගලගම්වීදිය වෙඩි තැබීමට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදියේ පසුගියදා සිදුවු වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව දුරකතන සබඳතා ඔස්සේ ලුහුබැඳ ගොස් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ. ඔහු සතුව තිබී ජංගම…

Read More

ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් සහ ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහ බැංකුව විසින් සංවිධානය කර තිබෙනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහභාගීත්වයෙන් එය හෙට සහ අනිද්දා යන දෙදින තුළ නුවරඑළිය ග්‍රෙගරි ලේක් රථගාලේදී පැවැත්වෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ. එම අවස්ථාවට බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම්…

Read More
Translate »