NEWS

admin

නවතම iPhone 16e වෙළෙඳපොළට

ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙය A18 වේගවත් ක්‍රියාකාරිත්වය, 48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16e ලෙස හඳුන්වා දීමට නියමිතයි. එමෙන්ම ඇපල් සමාගම සඳහන් කරන්නේ පෙර හඳුන්වාදුන් ජංගම දුරකථන මෙන් නොව මෙම දුරකථනය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා ගත හැකි…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දසුන් ශානකට අ. ඩො. 10,000ක දඩයක් නියම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරනවා. ඒ, පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන්.

Read More

අදත් ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි….

Read More

Passport නිකුත් කරන්න අද සිට පැය 24 පුරාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි

ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එමෙන්ම රාත්‍රී කාලයේ දී බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට විශේෂ බස් රථ සේවාවක ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවයි ඔහු කියා සිටියේ. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේදී පසුගිය…

Read More

මිද්දෙනිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දියණිය ද මියයයි

මිද්දෙණිය – කඩේවත්ත මන්සන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පියා සහ හය හැවිරිදි දියණිය මියගොස් පුත්‍රයා තුවාල ලබා තිබෙනවා. මොවුන් ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පියා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙලෙස මියගිය පුද්ගලයා අවුරුදු 39ක් වයසැති අනුර ප්‍රියන්ත හෙවත් කජ්ජා නමින් හදුන්වන පුද්ගලයෙක්. ජීව…

Read More

අද උදෑසන දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

අද (19) අළුයම් කාලයේ තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා. කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටුණු මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙසේ මියගොස් ඇත්තේ. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, ඔහු වයස අවුරුදු 65ක් පමණ වන පුද්ගලයෙක්….

Read More

ආහාර මිල උස්සන සමාගම් ගැන සොයයි

ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම්වල නීත්‍යානූකූලභාවය සම්බන්ධයෙන් සොයා බලන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, වර්තමානයේ භාණ්ඩ මිල අඩු විය යුතු බවත් හිතුමතේ එය කිසිවෙකුට වැඩි කළ නොහැකි බවයි. මේ අතර, මෙවර අයවැයෙන් ආපනශාලා හා අවන්හල් සඳහා සහන සපයා නොමැති බව පවසමින් ප්ලෙන්ටි, කිරි…

Read More

බස්නාහිර පළාතේ රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවයි

වාර්ෂික ස්ථානමාරු ගැටලු‍වක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ එම සංගමයේ විධායක කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ ලිඛිත එකඟතාවක් මත මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ලේකම් චානක…

Read More

රජයේ සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසියට

අධික වියදම් සහිත රජයේ සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බවත් මෙම වසරේදී මන්ත්‍රීවරුන්ට වාහන සහ බලපත්‍ර ලබා නොදෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසනායක ප්‍රකාශ කළේ. අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකයි දශම තුනක් රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික ගිණූමේ අතිරික්තයක් පවත්වාගැනීම මෙවර අයවැය…

Read More

ශ්‍රී ලාංකික දිනය, ජාතික උත්සවයට මිලියන 300ක්

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්තිය තුළ මෙරට පුරවැසියන් අතර පරතරයක් ඇති නොවන සහ සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ වෙනුවෙන් ‘ශ්‍රී ලාංකික දිනය’ නමින් ජාතික උත්සවයක් පැවැත්වීමට යෝජනා කරන බවයි ජනපතිවරයා පවසන්නේ. මේ උත්සවය සඳහා රටේ සියලු ජාති,ආගම්වල පිරිස ඒකරාශී කරගන්නා බවද පැවසුවා. එම ‘ශ්‍රී…

Read More
Translate »