NEWS

admin

එකම අංකය ඇති මෝටර් රථ 02ක් පොලිස් භාරයට

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්ද ඊයේ (12) සිය භාරයට ගෙන ඇත. එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල, කැලණිය හා දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ හමු වී තිබේ. අදාළ තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම…

Read More

අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි. බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ. ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි. පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ…

Read More

අදානි සමූහයෙන් නිල නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ගෞරවාන්විතව ඉවත්වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙහිදී අදානි සමූහය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තිබෙන බවත් ශ්‍රී ලංකා රජයේ අභිලාෂය මත අනාගත සහයෝගීතාවයට විවෘතව සිටින බවත්ය.

Read More

වැලන්ටයින් දිනය සැමරීමට යාමට පෙම්වතිය අකැමති වීම නිසා පෙම්වතා ළිඳට පනී

වැලන්ටයින් දිනය සැමරීමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමති වීමෙන් සිත්තැවුලට පත් කිළිනොච්චියේ තරුණයෙකු ඊයේ (12) ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වර්ණකුලරාසා ප්‍රදීපන් නැමති තරුණයෙක්. ඔහුගේ පෙම්වතියට මෙවර වැලන්ටයින් දිනය සැමරීම සඳහා තමන් සමග යාපනයේ ඇවිදීමට යාමට එන ලෙස කීප වරක්ම ඉල්ලා සිටි…

Read More

ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනපති අනුර යළි දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක යළි දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු කියා සිටියේ අද උදෑසන 08.25 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 10 වැනදායි එක්සත්…

Read More

හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් අත්අඩංගුවට

ඊ.පී.ඩී.පී.( EPDP ) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයක් මගින් යුරෝපා රටකට යාමට උත්සහ කළ අවස්ථාවේදී වීසා ලබා ගැනීමට ගිය විට ඔහුව කේරළයේ කොචි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව…

Read More

කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගනී

කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී ඊයේ (12) පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර උතුර පොලිස් ස්ථානය සඳහන් කරනවා. පැමිණිල්ල සිදු කළ පුද්ගලයා කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක්වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව දුටු බවටයි පවසා ඇත්තේ. ඒ අනුව පොලිසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු විසින්…

Read More

බීම බෝතලයක් බීපු තාත්තයි දුවයි රෝහලට

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බීම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම බීම බෝතලය පානය කිරිමෙන් අදාළ දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි…

Read More

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ජනාධිපතිවරයා එක්වුණා. ඒ අනුව ඊයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් හමු වූ ජනාධිපතිවරයා දෙරට අතර වෙළෙඳපොළ විවිධාංගීකරණය සම්බන්ධයෙන් සහ නව උපායමාර්ග…

Read More

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ඔහු සමත් වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වන පරික්ෂණය අවසන්වනතුරු ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට…

Read More
Translate »