NEWS

admin

ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට අධි චෝදනා – පසුව ඇප දෙයි

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේයි. එහිදී විනිසුරුවරයා නියෝග කළේ විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි. රග්බි…

Read More

හෝමාගම මූලික රෝහලේ සේවා කටයුතු බිඳ වැටේ

හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මේ වන විට වෛද්‍යවරුන් සහ රෝහලේ පාලනාධිකාරිය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සදහන්. එහිදී පැමිණෙන එකගතාවලින් අනතුරුව නැවත ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත්, මේ…

Read More

පාන් ගෙඩියක මිල රු.10කින් පහළට

තිරිඟු පිටි මිල අඩු කිරීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරනවා. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

දිල්ලියට රික්ටර් මාපක 4ක භූකම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලිය අවට ප්‍රදේශවලට අද රික්ටර් මාපක 4ක භූකම්පනයක් ඇතිව තිබෙනවා. අද උදෑසන 5:36ට පමණ කිලෝමීටර 5ක් ගැඹුරට මෙම භූකම්පනය දැනුණු බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ. දිල්ලි, නොයිඩා, ඉන්දිරපුරම් සහ අනෙකුත් කලාපවලට බලපෑ භූමිකම්පාව උතුරින් 28.59ක අක්ෂාංශයක සහ නැගෙනහිරින් 77.16ක දේශාංශයක සිදු වූ බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මෙම කම්පනය…

Read More

බස් රථයක් සහ වෑන් රථයක් ගැටී 12 දෙනෙකු රෝහලේ

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10 පමණ මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. සිදුවූ අනතුරකින් තුවාල ලැබූ වෑන්රථයේ ගමන් ගත් තරුණියන් 08 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, ඉන් 07 දෙනෙකු වැඩිදුර…

Read More

අමෙරිකානු – රුසියා සාම සාකච්ඡාවලට යුක්රේනයට ආරාධනා නැහැ

යුක්‍රේනය සමග සිදු කරන යුද්ධය අවසන් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර සාකච්ඡා අද පැවැත්වෙනවා. ඒ සෞදි අරාබියේදීයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පවත්වනු ලැබූ දුරකතන සංවාදයේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා සදහා යුක්රේන ජනාධිපති වොලිදිමියර් සෙලෙන්ස්කිට ආරාධනා කර නැහැ. අද පැවැත්වෙන සාකච්ඡා…

Read More

වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට

පල්ලම පොලිස් වසමේදී පසුගිය 10 වැනිදා කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර මෙම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් කොල්ලකන ලද කාර් රථය ද සමග 15 වැනිදා දඹදෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත්…

Read More

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඇතැම් ගුරු ශ්‍රේණියන්හි රුපියල් 38,000 පවතින වැටුප රුපියල් 61,000 දක්වා වැඩිවෙනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුප රුපියල් 80,000-90,000කින්…

Read More

සහල් පාලන මිල අනිවාර්යයි – පාරිභෝගික අධිකාරිය

සහල් සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලටම වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ එසේ සිදු නොකළහොත් නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි සහල් අර්බුදයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් සිය අස්වැන්නෙන් කොටසක්…

Read More

ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස

මෙවර ආදරවන්තයන්ගේ දිනයට අවශ්‍ය රතු රෝස මල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු වූ බව වෙළදුන් පවසනවා. ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස රෝස මල් ආනයනය කිරීමට සිදුවූ බවයි ඔවුන් පවසන්නේ. වෙළදුන් සඳහන් කරන්නේ මෙරට බොහෝ රෝස මල් පෙනුමෙන් කුඩා වීමත්, ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමක පැවතීම නිසාත් ඒ සදහා වැඩි ඉල්ලුමක් පවතින…

Read More
Translate »