NEWS

admin

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සේවකයන් යොදාවා ඇති බවයි අප වාර්තාකරු සඳහන්…

Read More

ට්‍රම්ප්ගෙන් බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්. මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමේ…

Read More

ආයතන ද්විත්වයක දත්ත පද්ධති ඩිජිටල්කරණයට අවධානය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන දෙකෙහි පද්ධති, ඩිජිටල්කරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. එහිදී වෛද්‍ය සහතික නිකුත් කරන කඩදාසි ඇතුලු වියදම් සැලකීමේදී රජයට රුපියල් කෝටි 05ක පමණ මුදලක් ඉතිරිවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී…

Read More

ජපානයේ රැකියා අවස්ථා රැසක් ගන්න ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක

ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා. ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි (Mr. Kanamori Hitoshi) ඇතුළු නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්. එහිදී අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ, ජපානයේ පවතින රැකියා අවස්ථා…

Read More

77 වැනි නිදහස් දින සමරු උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක්, මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි නිදහස් උත්සවයක් බවට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබේරත්න පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ (30) පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය හමුවට සහභාගී වෙමින්. වෙනදා පැවැත්වෙන ගාලු මුවදොර පිටිය වෙනුවට වෙවර…

Read More

ශබ්දයේ වේගය පරදන බූම් සුපර්සොනික් ගුවන් යානය සාර්ථක පියාසැරියක

සුපර්සොනික් හෙවත් ශබ්දයේ වේගය පරදන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ තවත් පියවරකට ළං වෙමින් අමෙරිකාවේ බූම් සුපර්සොනික් ගුවන් යානය සාර්ථක අත්හදා බැලීමේ පියාසැරියක නිරත වී තිබෙනවා. අඩි 35,000ක් උසින් ඉහළ අහසේදී පැයට කිලෝමීටර් 1,360ක වේගයක් ළඟා කරගනිමින් මෙලෙස පියාසර කර ඇත්තේ බූම් සුපර්සොනික් XB-1 යානයයි. අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නුවර සිට වයඹ දිග ප්‍රදේශයේ පිහිටි මොහාවී…

Read More

මතභේදාත්මක බහාලුම් නිෂ්කාශනය කිරීමේදී එක්ස්පෝලංකා නමින් බහාලුම් නොතිබූ බව රේගුව කියයි

මතභේදාත්මක බහාලුම් 323ක් නිෂ්කාශනය කිරීමේදී එක්ස්පෝලංකා නමින් භාණ්ඩ බහාලුම් නොතිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මේ අතර, ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය වැනි දේවල් රට තුළට ඇතුළු වීමට සහ රේගුවට ආදායමක් අහිමි වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ. එමෙන්ම අනෙකුත් දිනවලදී බහාලුම් නිෂ්කාශනය කිරීමේදී එක්ස්පෝලංකා නමින් භාණ්ඩ බහාලුම් නොතිබූ බවයි රේගුව වැඩිදුරටත් පවසන්නේ.

Read More

අමෙරිකානු ගුවන් යානයක් එරට හමුදාවට අයත් හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක්

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් මිය ගිය 19 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 64 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර එය ගුවන්තොටුපළට, ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේදී අමෙරිකානු හමුදා සෙබලුන් 3…

Read More

ජපානයෙන් පැන්නූ සුපිරි වාහන ජාවාරමක් හෙළිවෙයි

ජපානයෙන් සොරකම් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ රථවල එන්ජින්, චැසි ඇතුළු අමතර කොටස් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ කූඨ ජාවාරමක තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා. පොලිසිය මෙම වාහන ජාවාරමට අදාළ වැටලීම කළේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ ලබා දුන් තොරතුරු මතයි. ජපානයේදී සොරකම්වලට හසුව වැරදිකරුවන් වී මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් පිරිසක් වාහන ජාවාරමක නිරත වන බවට හිරු ප්‍රවෘත්ති…

Read More

උපයෝගිතා කොමිසම විමසිල්ලෙන්

අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අනිද්දා පැවැත්වෙන බවයි. එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික…

Read More
Translate »