NEWS

admin

එක්ස්ප්‍රස් පර්ල් නඩුව කල් යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගත්තා. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන…

Read More

දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන් පසුවයි. 2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා.

Read More

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයට කැබිනට් අනුමැතිය

දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීම සඳහා ආගමන – විගමන දෙපාර්තුමේන්තුවේ සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී”…

Read More

අභිමානවත් 77 වන ජාතික නිදහස් සැමරුම අදයි

77 වැනි නිදහස් දින සැමරුම අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු නිදහස් දින සැමරුම මෙය වන අතර ජාතික පුනරුදයට සැරසෙමු යන්න මෙවර එහි තේමාවයි. මෙවර නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 1,511කින් අඩුකර…

Read More

ලුණු ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් අවස්ථාව

හිඟව පවතින ලුණු පෞද්ගලික අංශයට ආනයනය කිරීමටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලු‍ණු හිඟයට පිළියමක් ලෙස ලු‍ණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව, පසුගිය ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබුණා. එමෙන්ම, එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා…

Read More

දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි මීළඟ ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ඔහු සහභාගී වන සියවන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්. 2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත්…

Read More

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් මිලියන 565ක ප්‍රදානයක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් රුපියල් මිලියන 565ක් ප්‍රදානයක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා. ඒ අනුව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා අකිකෝ සහ මුදල් අමාත්‍යාංශ…

Read More

දුම්පානය නොකරන්නන් අතරත් පෙනහළු පිළිකා රෝගය ඉහළට

ලොව පුරා දුම් පානය නොකරන්නන් අතර පෙනහළු පිළිකා තත්ත්වය ඉහළ යමින් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. එංගලන්තයේ ලැන්සෙට් ශ්වසන වෛද්‍ය සඟරාව විසින් සිදුකළ අධ්‍යයනයක් මගින් හෙළීවී ඇත්තේ ඇඩිනො කාර්සිනෝමා නම් පෙනහළු පිළිකා තත්ත්වයක් දුම්පානය නොකරනන් අතර තිබී බහුලව හමුවී ඇති බවයි. එම පිළිකා තත්ත්වය ඇති රෝගීන් සංඛ්‍යාව සියයට 53 සිට සියයට 70 දක්වා ඉහළ…

Read More

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා. අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ ඒම්. ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ…

Read More

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් අත්හිටවූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට එක් කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ මෙම දුම්රිය යළි ධාවනයට එක්කෙරෙන්නේ වසර දෙකකට පමණ පසුව බවයි.

Read More
Translate »