NEWS

admin

දොඩංගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

කළුතර – දොඩංගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර, ඉන් නිවෙසේ කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයාගේ නම සඳහන් කරමින් මෙම වෙඩි තැබීම…

Read More

රථවාහන ධාවනයේ දී සැලකිලිමත් වන්නැයි රියදුරන්ට උපදෙස්

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ මාර්ග කිහපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව හිරු වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව, නුවරඑළිය – මහනුවර මාර්ගය, නුවරඑළිය – හැටන් මාර්ගය සහ නුවරඑළිය – වැළිමඩ මාර්ග වල රථවාහන ධාවනය කිරීමේ දි විමසිලිමත් වන්නැයි රියදුරන්ට දැනුම් දෙනවා. මේ අතර මින්නේරිය වැවේ ජල ධාරිතාව වාන් මට්ටම ඉක්මවා යාම හේතුවෙන් සියලු වාන්…

Read More

දේශීය රතු කැකුළු ලබන සතියේ වෙළෙඳපොළට

ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන අතර එවැනි පසුබිමකයි තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයට පෙර රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 20 බැගින් ජනතාවට බෙදා හැරීම…

Read More

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට රේගුවෙන් වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළික් අරඹා තිබෙනවා. ඒ අනුව, කොළඹ වරායෙන් ඊයේ (13) දින බහාලුම් 459ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා 2 අංගන වලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කොට නිදහස් කර තිබුණා. රේගුවෙන් දිනකට පරීක්ශා…

Read More

ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් පැමිණිල්ලක්

කල්පිටිය – සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සදහා මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙකු, කාමරයක් මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමෙන් අනතුරුව එහි පැමිණ අදාළ හෝටලය වසර 05 ක් පුරාවට වසා දමා ඇති බවට දැන ගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවය පත් වූ බවයි මෙම සංචාරකයා කල්පිටිය පොලිසියට පැමිණිලි කරමින් සදහන් කර…

Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ මුහුද රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ…

Read More

දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළට

දෛනිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කරනවා. එහිදී ඔහු සඳහන් කළේ මෙතෙක් දෛනිකව නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200ක් බවත් එම ප්‍රමාණය මෙලෙස 2,500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවයි. එමෙන්ම, යම්කිසි අයෙකුට හඳිසි අවශ්‍යතාවයක් මත විදේශගත වීම සඳහා අවශ්‍ය වුවහොත්…

Read More

යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර

යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ නගර දෙකක කර්මාන්ත ශාලා දෙකකට හානි සිදු වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ පාසල් ද වසා දැමීමට රුසියානු බලධාරීන් පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් රුසියාව සදහන් කළේ, යුක්රේනය එල්ල කළ බැලැස්ටික් මිසයිල 05ක් සහ ඩ්‍රෝන යානා 200ක් විනාශ කිරීමට හැකි වූ බවයි.

Read More

පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. ඒ අම්පාර බස් නැවතුම්පළේ බස් රථයක සිටියදී වන අතර, ඇය සමඟ සිටි සැකකරුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සැකකරු අදාල සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් ස්ථාන කිහිපයකදී මාරු වෙමින්…

Read More

සොරාගත් යතුරුපැදියෙන් යතුරුපැදි කම්හලක් සොයාගනී

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ යතුරුපැදි එකලස් කිරීමේ ස්ථානයක් වටලා එහි සොරාගත් බවට සැකකෙරෙන යතුරුපැදි කිහිපයක් සහ තවත් එකලස් කිරීමේ උපාංග රැසක්ද සොයා ගැනීමට පුත්තලම මූලස්ථාන පොලිසි‍ය ඊයේ (12) සමත්ව තිබෙනවා. මෙම මහා පරිමාණ එකලස් කිරීමේ ස්ථානය සොයා ගැනීමට හැකිව ඇත්තේ, පසුගිය 10 වැනිදා පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ, වෙප්පමඩුව…

Read More
Translate »