දකුණු අප්‍රිකානු කාන්තාවෝ ලෝක කුසලාන අවසන් සටනට

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය. ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණි. මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක්…

Read More

මෙලිසා කැරිබියානු දූපත් වනසයි

‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි. මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍මෙලිසා සුළි කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස එරටින්…

Read More

ගිනිකොනදිග මුහුදේ දී ධීවර යාත්‍රාවක් අනතුරට

මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්‍රාව අනතුරට පත් වු ස්ථානය වෙත පිටත් කර හැර ඇති බවය. ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්…

Read More

මාලිමා පා. ම ජගත් මනුවර්ණට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබේ.  අද (29) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැදවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව අදදෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.  එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජගත් මණුවර්ණ මහතා වෙනුවෙන් පෙනී සිටි…

Read More

‘රටම එකට – ජාතික මෙහෙයුම’ අද සිට

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු…

Read More

කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අද සිට

කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි. 1973, 1993, 2009 සහ 2017 වසරවලදී කාන්තා ලෝක කුසලානය දිනාගෙන ඇති එංගලන්තය අවස්ථා 03කදී අනුශූරයින් බවට පත් වුණා. දකුණු අප්‍රිකාව මෙතෙක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියක අවසන් මහා තරග නියෝජනය කර නැහැ.

Read More

ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ  6.4ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ තුනක් ද යොමු කර තිබේ.

Read More

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා…

Read More

වැලිගම සභාපති ඝාතනයේ තවත් තොරතුරු

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රශ්න කරමින් සිටී. එමෙන්ම වෙඩික්කරුට ප්‍රවාහන හා පහසුකම් සැපයූ සැකකරුවන් තිදෙනා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි….

Read More
Translate »