NEWS

ටිපර් රථයක් ඔයට පෙරලී බිහිසුණු අනතුරක්

නුවර මාතලේ ඒ 9 මාර්ගයේ මාතලේ බලකඩුව කන්ද ප්‍රදේශයේදී ටිපර් රථයක් අද (21) අලුයම බලකඩු ඔයට පෙරලීමෙන් රියදුරා තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම ස්ථානය අඩි හැටක් පමණ ප්‍රපාතයක් සහිත බෑවුම් ප්‍රදේශයක් බවටයි වාර්තා වෙන්නේ. රියදුරා පොළොන්නරුව ප්‍රදේශයේ සිට නුවර කටුගස්තොට ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, පොලිසිය සැක කරන්නේ රියැදුරාට නින්දයාම…

Read More

චීන ආධාර සහිත සංවර්ධන ව්‍යාපෘති ළඟදීම

චීනයේ අරමුදල් සහිත මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඉක්මනින් ශ්‍රී ලංකාවේ ආරම්භ වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පවසනවා. පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියා. එම සංවර්ධන ව්‍යාපෘතියට කොළඹ නගරයේ සංවර්ධන මධ්‍යස්ථානයක්ද ඇතුළත් බවයි ඔහු සඳහන්කර සිටියේ. ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ නවතම චීන තාක්ෂණික නවෝත්පාදනයන්ගෙන් බල…

Read More

විදුලිබල අංශය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුර්නර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘතිය යටතේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ උපදේශකයින් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් සිදු වන ප්‍රදේශවල විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එම ආයතනය විසින් පවත්වා ගෙන යනු ලබන විදුලිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා සම්ප්‍රේෂණ සංවර්ධන…

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඇප තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12න් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඇප තැන්පත් කිරීමේ කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි. ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම මාර්තු 03 වනදායින් ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී පහසුකම්…

Read More

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරියක් පත්කෙරෙයි

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර තිබෙනවා මේ පිලිබඳ කම්කරු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට අලුතින් පත්කරන ලද දිලිනි නදීකා වටලියද්ද ශ්‍රී ලංකා කම්කරු අංශයේ දශක දෙකකට අධික පළපුරුද්දක් ඇති නිලධාරිනියක්. ඇය ජාතික කම්කරු…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

Read More

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අද (14) අත්අඩංගුවට තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි. ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට…

Read More

යුරෝපා සංගමය සහ අමෙරිකාව වෙළඳ යුද්ධයකට අවතීර්ණ වන ලකුණු

යුරෝපා සංගමයට අයත් රටවලින් ගෙන්වන මත්පැන් සඳහා 200% ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඒ, අමෙරිකාවේ නිෂ්පාදිත මත්පැන් සදහා 50% ක තිරුබදු පනවන බවට යුරෝපා සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසයි. යුරෝපා රටවලින් ආනයනය කරනු ලබන වානේ සහ ඇලු‍මිනියම් සඳහා තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය…

Read More

දින ගණනක් වහන් වී සිටි දළ කැඩුණු සුමේධ සොයාගැනේ

ලොරියක ගැටී සිදුවූ අනතුරකින් දළයක් ගැලවී අතුරුදන්ව සිටි සුමේධ නැමැති ඇතා අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, වනජීවී නිලධාරීන් ඇතුලු පිරිස් මරදන්කඩවල ලබුනෝරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ඇතා සොයාගෙන ඇති බවයි. හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා මෙම අනතුර සිදුවූ අතර,…

Read More

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සදහා තාවකාලිකව වසා දැමේ

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර, සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සදහා හෙට දිනයේදී වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට (15) උදෑසන 10 සිට 16වනදා උදැසන 06.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එහිදී…

Read More
Translate »