ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය අද උදෑසන වීරවිල ගුවන් හමුදා කදවුර ඉදිරිපිටින් ආරම්භ වුණා. පිරිමි පා පැදි තරගය තෙදිනක් පුරා පැවැත්වෙන අතර එහි පළමු අදියර ලෙස අද වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර් 140.05ක දුරක් ධාවනය කෙරෙනු ඇති. ඒ සදහා තරගකරුවන් 168 දෙනෙකු එක්ව සිටිනවා. මෙවරත් ගුවන්…

Read More

අලුත් වාහන සතියකින් අලෙවියට

ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. වැගන් ආර්, ඇල්ටෝ, ටොයෝටා යාරිස්, වෙසල් ඇතුළු වාහන වර්ග කිහිපයක් එලෙස ජපානයෙන් ගෙන්වා තිබුණා. වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 65ත් 75ත් අතර මිලකටත්, ආර් එස් මෝටර්…

Read More

පාරිභෝගිකයින්ගේ සුරක්ෂිත තැන්පතුවලට අදාළ පොලිය ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදුලිබල මණ්ඩලයට නියෝග

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සදහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ඔවුන් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළා. ඒ. එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකගේ නියෝගයකට අනුවයිලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ ජනවාරි 30වනදා තම අධිකරණයට ඉදිරිපත්…

Read More

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් නව විසඳුම්

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (24) පරිසර අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා. ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුන්වාදුන් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙහිදී සිදුව තිබුණා. තවද, එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ…

Read More

බස් අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු තිදෙනෙක් රෝහලේ

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පදවිය යාය 06 ප්‍රදේශයේදී අද (25) සිදුවූ අනතුරකින් පාසැල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය පවසනවා. වැලිඹය පරාක්‍රමපුර මාර්ගයේ යාය 06 ප්‍රදේශයේ වංගුව සහිත ස්ථානයකදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හා ඇගළුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුරටපත් පාසල්…

Read More

කොටහේන වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අයෙකු රිමාන්ඩ්

පසුගියදා කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොටහේන පොලිසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද මෙම සැකකරු අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ…

Read More

මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනාගාරයක කාන්දුවක්

මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනාගාරයක ඇතිවූ කාන්දුවක් ඇතිව තිබෙනවා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය වෙත ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. තවද, පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බව වාර්තාවන්නේ.

Read More

සෙව්වන්දිගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරේ

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරිය හා සැකකර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා. එහිදී…

Read More

ටෙලිඅවිව් නුවර බස් රථ තුනක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ – ටෙලිඅවිව් නුවර බස් රථ තුනක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා බටහිර ඉවුරේ සිය ක්‍රියාකාරකම් ඉහළ දමමින් පවතින පසුබිමකයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් සිදු වූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ.

Read More

බ්‍රිතාන්‍යය අභිබවා චීනය ලොව දෙවන තැනට

චීනය, බ්‍රිතාන්‍යය අභිබවා වඩාත් බලවත් මෘදු බලය සහිත රට ලෙස ලොව දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය ඊයේ (20) හයවන වාර්ෂික ගෝලීය මෘදු බල දර්ශකය නිකුත් කරමින් මේ බව නිවේදනය කරනු ලැබූ අතර, එම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ඇමරිකාවටයි. එම වාර්තාවට අනුව, චීනය සමස්ත ලකුණු 100 න් 72.8 ක වාර්තාගත…

Read More
Translate »