විහාරස්ථානවලින් කෝටියකට අධික මුදලක් සොරා ගත් ගුරුවරයෙකු අත්අඩංගුවට
දිවයින පුරා පිහිටි විහාරස්ථානවලින් රුපියල් කෝටියකට අධික දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තිඹිරිගස්සාය ප්‍රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයකට ඇතුළු වී එහි තිබූ කැලේඩියානු ඩොලර් 100 ඇමරිකන් ඩොලර් 370 හා රුපියල් 80,000 මුදලක් සොරා ගැනීමට සංඝාවාසයට ඇතුළු වන අයුරු හා මුදල් සොරකම්…

