NEWS

හරවලා ගිය තෙල් නැව ගැන තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු පැහැදිලි කර තිබෙනවා. එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රටට කිසිදු බලපෑමක් නොමැති බවයි ඔහු පවසන්නේ. මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…

Read More

දෙසැම්බර් 09 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කරයි

2024 දෙසැම්බර් 9 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පසුගිය දෙසැම්බර් 2 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජය පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන්නා. ඒ අනුව මෙම මස 20 වැනිදා දක්වා එම අවසරය හිමිවනු ඇති.

Read More

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 50 ක් මරුට

ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 03 කින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (09) දිනයේ දී පමණක් එල්ල වූ එම ප්‍රහාරවලින් තවත් 84 ක් තුවාල ලබා ඇති අතර, ඒ අතර කාන්තාවන් සහ ළමයින් ද වන බවයි. එමෙන්ම, පලස්තීනයේ – ජබාලියා ප්‍රදේශය දින 65ක් පුරාවටම ඊශ්‍රායලයේ වැටලීමට ලක්ව ඇති අතර, මේ…

Read More

ජනපති මන්දිර සහ රජයේ බංගලා ගැන ජනපතිගෙන් තීරණයක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පරිපාලනය වන රජයේ බංගලා, නිවාස, විසුම්පාය සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ජනාධිපති මන්දිර භාවිතය සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අද (10) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා…

Read More

කෝච්චි එන්ජින් 22ක් ඉන්දියාවෙන් ලංකාවට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 2ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළකර…

Read More

බීමතින් විභාග මධ්‍යස්ථානයේ රාජකාරී සිදුකළ කොස්තාපල් අත්අඩංගුවට

අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටියදී බීමතින් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් සැරයන්වරයෙකුට පහරදී තුවාල සිදුකළ කොස්තාපල්වරයෙකු ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙක්. ඉහත විභාග මධ්‍යස්ථානයේ ආරක්‍ෂාවට පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු අනුයුක්ත කර ඇති අතර ඊයේ (09) පස්වරුවේ…

Read More

ඩොලරයට සාපේක්ෂව රුපියලේ වර්ධනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ ඩොලරයට සාපේක්ෂව, ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 286.02ක්. එමෙන්ම එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 294.63ක්. එමෙන්ම, බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 363.04ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 377.06ක් ලෙසත් දැක්වෙනවා. තවද, යුරෝ ගැනුම් මිල…

Read More

නොවැම්බර් මාසයේ දී සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 273 දක්වා ඉහළට

පසුගිය නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් උපයා ඇති අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙනවා. එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවටයි වාර්තා වෙන්නේ. නොවැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් 184,158ක් පැමිණ ඇති අතර, ඔක්තෝම්බර් මාසයේදී 151,496 පැමිණ තිබෙනවා. ඒ අනුව, පළමු මාස ​​එකොළහ තුළ සංචාරකයින් 1,804,873…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බවයි. යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය…

Read More

බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඊශ්‍රායල හමුදාවට සිරියාව පිළිබඳ නියෝගයක්

සිරියාවේ ස්වාරක්ෂක කලාපය අල්ලා ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ, ඩැමස්කස්හි බෂාර් අල්-අසාද් බලයෙන් පහකිරීමෙන් පසුව දෙරට අතර පැවති ගිවිසුම් බිඳ වැටී ඇති බව පවසමින්. ගෝලාන් කඳුකරයේ ආරක්‍ෂක කලාපයට හමුදා යෙදවූ බව ප්‍රකාශ කිරීමෙන් පසු ඒ ආසන්නයේ සංචාරයක නිරතව සිටියදීයි නෙතන්යාහු එම නිවේදනය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය…

Read More
Translate »