වැසි රහිත කාලගුණ තත්ත්වයක්

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

Read More

ජීවිත ආරක්ෂාවට ගිනි අවියක් පමණක් ලබා දීමට තීරණයක්

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපරිමය එකකට යටත්ව ගිනි අවි නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජීවිත ආරක්ෂාව සදහා සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරොම් භාරදීම සදහා පසුගිය මස 21 වනදා තෙක් අවසර ලබා දීමටයි එම අමාත්‍යාංශය කටයුතු කර තිබුණේ. ගිනි අවි භාර දීම සම්බන්ධයෙන් අභියාචනා නොකළ සහ නියමිත දිනට භාර…

Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය…

Read More

මහ මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා භාරදීමට කාලසීමාවක්

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්, ඔවුන් නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් තම ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය වසරේ සම්මත කරන ලද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙතද ජාතික ලැයිස්තු…

Read More

CID අධ්‍යක්ෂ ධුරය කාන්තාවකට; පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරත් වෙනස් වෙයි

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54කට ස්ථාන මාරුවීම් සිදුකරනු ලැබුවා. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ සහ වැඩබලන පොලිස්…

Read More

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සහෝදරිය සිය හිටපු පෙම්වතා ඝාතනය කරයි

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනියක්වන නාර්ගීස් ෆක්රිගේ (Nargis Fakhri) සහෝදරියවන ආලියා ෆක්රි (Aliya Fakhri) විසින් ඇයගේ හිටපු පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 43 හැවිරිදි වියේ පසුවන ආලියා, 35 හැවිරිදි එඩ්වඩ් ජේකබ්ස් සහ 33 හැවිරිදි ඇනස්ටේෂියා එටියන් යන අයවයි මෙසේ ඝාතනය කර ඇත්තේ. ජේකබ්ස් සහ එටියන් නවාතැන්ගෙන…

Read More

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තු රැස්වීම ලබන 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා විසින් පසුගිය 21 වැනිදා පළමු සැසිය අරඹමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය අද ආරම්භ වන අතර එය හෙට දක්වා පැවැත්වෙනු ඇති. ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, ලබන…

Read More

ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා තිබූ A-9 මාර්ගය යළි විවෘත කෙරේ

ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා තිබූ A-9 මාර්ගයේ යළි විවෘත කර තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබුණා. එමෙන්ම මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවයි පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය…

Read More

වසර 100ක ට පසු දකුණු කොරියාවට අධික හිම පතනයක්

දකුණු -කොරියාවේ සෝල් අගනුවරට ඇද හැලෙන අධික හිමිපතනය හේතුවෙන් ගුවන් ගමන් වාර 200ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීම් හෝ ප්‍රමාද කිරීම් සිදු කර තිබෙනවා. 1907 වසරෙන් පසුව සෝල් අගනුවරට ඇද හැලුණු දරුණුතම හිමිපතනය මෙය බවයි වාර්තා වන්නේ. හිම පතනයත් සමග තද සුළං සහ වැසි තත්ත්වයන්ද ඇතිව තිබෙනවා. ඒ අනුව ගස් කඩා වැටීම්, විදුලි විසන්ධි වීම් මෙන්ම…

Read More

තාවකාලික අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15න් පසු අවසන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, ඔබේ අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා…

Read More
Translate »