NEWS

අමෙරිකානු – රුසියා සාම සාකච්ඡාවලට යුක්රේනයට ආරාධනා නැහැ

යුක්‍රේනය සමග සිදු කරන යුද්ධය අවසන් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර සාකච්ඡා අද පැවැත්වෙනවා.

ඒ සෞදි අරාබියේදීයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පවත්වනු ලැබූ දුරකතන සංවාදයේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡා සදහා යුක්රේන ජනාධිපති වොලිදිමියර් සෙලෙන්ස්කිට ආරාධනා කර නැහැ.

අද පැවැත්වෙන සාකච්ඡා සදහා ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ මැදපෙරදිග නියෝජිත ස්වීව් විට්කොෆ් සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »