NEWS

ඉන්දියාවේ බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බස් රථයක් නවතා තිබූ ට්‍රේලරයක ගැටී සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ජයිපූර් අගනුවර සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි ෆලෝඩි දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබේ.

පසුගිය මාසයේ එරට ජයිසල්මර්හිදී ද බස් රථයක් ගිනිගෙන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු පුළිස්සී මිය ගියේය.

එම අනතුර සිදු වූ බස් රථයේ හදිසි පිටවීමේ දොරටුවක් නොතිබූ බව සඳහන්.

එමෙන්ම පසුගිය මාසයේ අගභාගයේදී, උත්තර් ප්‍රදේශ්හි පිලිබිත් සිට කම්කරුවන් 50කට අධික සංඛ්‍යාවක් රැගත් බස් රථයක් මනෝහර්පූර් ප්‍රදේශයේ විදුලි රැහැනක ගැටී ඇති වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »