NEWS

ඉන්දියාවේ බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ පූනේහිදී ට්‍රක් රථ දෙකක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

එම අනතුර හේතුවෙන් 8දෙනෙකු මියගොස් 15දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදු වීමත් සමග ට්‍රක් රථය ගිනි ගැනීමට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද පැය කිහිපයකට ඇණ හිට ඇති අතර විශාල වාහන තදබදයක් ද ඇති වී ඇත.

කෙසේවෙතත් මහාරාෂ්ට්‍ර මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් නිවේදනය ක‍ර ඇත්තේ අනතුරින් මියගිය අයගේ පවුල්වලට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ලබා දෙන බව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »