චීනයේ අක්‍රමිකතා ගැන අමෙරිකාවෙන් වාර්තාවක්

2027 වන විට හමුදාව නවීකරණය කර තායිවානය ආක්‍රමණය කිරීමට චිනය සූදානම් වන බව එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් උපුටා දක්වමින් තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.

එම වාර්තාව පෙන්වා දෙන්නේ, චීන මහජන විමුක්ති හමුදාවේ දූෂණය නැවැත්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං දශකයක් පුරා ගෙන ගිය ව්‍යාපාරයේ අරමුණ වන්නේ එම ආක්‍රමණය බවයි.

“චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයේ ධනය සහ දූෂිත ක්‍රියාකාරකම්” යන මාතෘකාව යටතේ අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව චීනයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සියයට 65ක් පමණ අල්ලස් හෝ ඊට සම්බන්ධ ක්‍රියාවල නිරත වන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ජනාධිපති ෂී ජින්පින් 2012 දී බලයට පත් වූ විට පුළුල් දූෂණ විරෝධී ව්‍යාපාරයක් දියත් කළ අතර එතැන් සිට, රජයේ සෑම තරාතිරමකම නිලධාරීන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් වැරදිකරුවන් වී තිබෙනවා.

චීන ජනාධිපතිවරයාගේ එම දූෂණ විරෝධී වැඩපිළිවෙළට අනුව 2023 දී, එවකට ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වූ ජෙනරාල් ලී ෂැංෆු සහ පසුගිය වසරේ චීන මහජන විමුක්ති හමුදාවේ දේශපාලන පක්ෂපාතිත්වය භාරව සිටි අද්මිරාල් මියාඕ හුවා ඔවුන්ගේ රැකියාවලින් ඉවත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »