NEWS

ප්‍රාණ ඇපයේ සිටි සුරූපී ඊශ්‍රායල සෙබළියන් හතරකට අද නිදහස

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද (25) සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙනවා.

කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා සදහන් කළේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු වෙනුවට පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එසේම පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දෙමින් ඇරඹි යුද්ධය සටන් විරාමයෙන් නතර වූ අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 47,200 කට වැඩි පිරිසක් මිය ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »