NEWS

මෙලිසා කැරිබියානු දූපත් වනසයි

‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි.

මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍මෙලිසා සුළි කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනකට විදුලිය නොමැත.

මේ වනවිට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »