NEWS

මෝදි ළඟම මිතුරෙක් හමුවීමට සූදානමින්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබේ.

ඒ අනුව නිල නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 11-12 යන දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම භූතාන සංචාරය සිදු කෙරෙන බවය‍.

මෙම සංචාරය දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශේෂ සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයක් බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම සංචාරය අතරතුර ඉන්දීය අගමැති භූතානයේ රජු හමුවීමටද නියමිතය.

නායකයින් දෙපළ ඉන්දීය රජය සහ භූතානයේ එක්ව සංවර්ධනය කරන ලද ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »