NEWS

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය.

යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටින බව සඳහන්ය.

මෙම ප්‍රහාර හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »