NEWS

විහාරස්ථානවලින් කෝටියකට අධික මුදලක් සොරා ගත් ගුරුවරයෙකු අත්අඩංගුවට

දිවයින පුරා පිහිටි විහාරස්ථානවලින් රුපියල් කෝටියකට අධික දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තිඹිරිගස්සාය ප්‍රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයකට ඇතුළු වී එහි තිබූ කැලේඩියානු ඩොලර් 100 ඇමරිකන් ඩොලර් 370 හා රුපියල් 80,000 මුදලක් සොරා ගැනීමට සංඝාවාසයට ඇතුළු වන අයුරු හා මුදල් සොරකම් කොට පිටව යන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිද්ධියට සම්බන්ධ සැකකරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සොරා ගත් කැනේඩියානු ඩොලර් 100 ඇමරිකානු ඩොලර් 200 පමණක් සැකකරු ළඟ තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පස්සර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නාරාහෙන්පිට පොලීසියට භාරදී ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »