NEWS

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 25කින් ලකුණු 34ක් රැස් කළේය.

එමෙන්ම භානුක රාජපක්ෂ ලකුණු 11ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10ක් හෝ රැස්කිරීමට නොහැකි වූහ.

සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් (3/9) හා රිචඩ් ගරාවා කඩුලු 2ක් (2/15) දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »