Avishka

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (10) පෙ.ව 11ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දින පෙ.ව 11 දක්වා වලංගු වෙයි. ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

Read More

නීති විරෝධී මුහුදු කූඩැල්ලන් ජාවාරමක් කොටු වෙයි 

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු, ඩිංගි යාත්‍රා දොළහක් 12 සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ අනුව, ඊයේ (09) උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ විශේෂ සෝදිසි…

Read More

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි

බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ වන විට වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064කි. මේ අතර, අද (10) දින වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන්…

Read More

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි. මෙම තරඟාවලිය එළැඹෙන 13 වැනිදා දක්වා මොරටුව, ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ අද පැවති පළමු තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 76ක් රැස්කර ගැනීමට…

Read More

‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත. චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක් පමණ තරම්…

Read More

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.  ඒ අනුව එය අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා වලංගු වේ.  මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද…

Read More

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.  2013 වසරේ  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනම සම්බන්ධයෙන් මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇත.  අල්ලස් පනත යටතේ චෝදනා දෙකක්…

Read More

තැඹිලි ළහිරුගේ ගෙදරට ගිනි තියලා

වලස්මුල්ල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන තිබෙන ‘තැඹිලි ළහිරු’ නැමැත්නාගේ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. නිවසට ගිනි තැබූ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ තැඹිලි ළහිරු නැමැත්තාගේ මව බවට වාර්තා වේ. ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ස්විට්සර්ලන්තය දඬුවම් පහරින් කොලොම්බියාව පරදා අර්ධ අවසන් පූර්ව වටයට

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී කොලොම්බියාව දඬුවම් පහර 4-3ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්විට්සර්ලන්තය සමත් විය. නියමිත මිනිත්තු 90 අවසානයේදී මෙන්ම අතිරේක කාලය අවසන් වන විටත් කණ්ඩායම් දෙකම ගෝල රහිතව (0-0) සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර මාලාවක්…

Read More

පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසයි. සිද්ධිය…

Read More
Translate »