NEWS

සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන

තමා වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇති බවය. අදාළ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද ජගත් විතාන…

Read More

නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වූවාය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම එය වේ. තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4.52.32ක කාලයක් ගත කළාය

Read More

ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට 

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත. බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස්…

Read More

කොළඹ වරාය ආසන්න මුහුදේ පුද්ගල මළසිරුරක්

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ පුද්ගල මළසිරුරක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.  මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත. මරණකරු උස, අඩි 05ක් පමණ වන පුද්ගලයෙකි. කොණ්ඩය මදක් වැවී ඇත. මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවද පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන්…

Read More

ඉෂාරා පැනගිය බෝට්ටුව සහ පැද වූ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය…

Read More

වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක දත්ත ඔස්සේ විමර්ශන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සීසීටීවී කැමරා පනහක පමණ දර්ශන අධීක්ෂණය කරමින් මේවන විට විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය. වෙඩික්කරු සහ ඔහු පිටව ගිය යතුරුපැදිය පැදවූ තැනැත්තා අතරමගදී වෙන් වෙන්ව යතුරුපැදි දෙකක ගමන් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර…

Read More

LPL තරගාවලිය මෙම වසරේ නොපැවැත්වේ

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය. 2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසයන් හි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වේ

Read More

දිල්ලියේදී පොලිසිය සමග වෙඩි තියාගත් 4ක් මරුට

ඉන්දියාවේ දිල්ලි නගරයේදී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකිදී එරට අපරාධ කල්ලි සාමාජිකයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අද අලුයම පොලිසිය සිදු කළ මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. මෙම පිරිස බිහාර් ප්‍රාන්තයෙහි ප්‍රසිද්ධ අපරාධ කල්ලියක් වන සිග්මා නැමැති අපරාධ කල්ලියට අයත් බවට අනාවරණය වී තිබෙනවා.

Read More

පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.   එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ…

Read More

පද්මේගේ දුරකථනයක තිබූ දෙයක් ගැන CIDය පියුමිගෙන් ප්‍රශ්න කරයි

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය. එම ඡායාරූපයේ පද්මේ සමග පියුමි හංසමාලි ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වේ. එමෙන්ම පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක්…

Read More
Translate »