TRCSL අනුමත නැති ජංගම දුරකථන අක්‍රීය කරන්න ස්වංක්‍රීය නව මෘදුකාංගයක්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොර ජංගම දුරකථන භාවිතය වළක්වාලීමේ අරමුණින් ඒවා සෙවීම සඳහා ස්වංක්‍රීය නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් පවසනවා. ඒ අනුව සභාපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි….

