අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි. බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ. ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි. පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ…

