NEWS

නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

එරට පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 73 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවය.

පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 8දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »