හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්ය.
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් දිනය අදයි.
හොංකොං සික්සස් බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පෙරවරු 11:30ට පමණ ඇරඹුණි.
එහිදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය.
සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය.

