NEWS

admin

බස් රථ ධාවනයේ දී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීම තහනම්

බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. ඒ අනුව, මින් ඉදිරියට පා පූරුවේ ගමන් කරමින් සිටින කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා හරිමින් පාපුවරුවේ…

Read More

රාජ්‍ය ආයතනවල ඉහළ ධාරිතාවයකින් යුත් V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කිරීමට උපදෙස්

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 1 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර, වෙන්දේසි කරන ලද…

Read More

කටුනායකට පැමිණි ගුවන් යානා 04ක් ආපසු හරවා යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට අද උදෑසන පැවති දැඩි මීදුම් තත්වය හේතුවෙන් ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කර තිබෙනවා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ, මීදුම් තත්ත්වය හමුවේ ගුවන් නියමුවන්ට , ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම යානා මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි. ඩුබායි,…

Read More

උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවේ

උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභභාගයේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමැවන් ධර්මසේන පවසනවා. ඔහු පවසන්නේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රශ්න පත්‍රය පිටවූ බවට වාර්තා වීම නිසා අද දින පැවැත්වීමට තිබුණු විභාගය නැවැත්වූ බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන නිලධාරීන් විසින්…

Read More

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දකුණු කොරියාවට

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ-යූල් අතර හමුවක් අද සිදුවීමට නියමිතව තිබෙනවා. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවත්වෙන එම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා පුළුල් කිරීම, උතුරු කොරියානු තර්ජන වැළැක්වීමේ උත්සාහයන් සහ තවත් ප්‍රධාන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් එවන් පසුබිමක් තුළ උතුරු කොරියාව විසින් එරට නැගෙනහිර…

Read More

පසුගිය වසර පහේ රිය අනතුරුවලින් 12,000ක් මියයයි

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව, 2020 වසරේ දී පුද්ගලයින් 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක් සහ 2022 වසරේදී පුද්ගලයින් 2,540 දෙනෙක්, ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. එමෙන්ම, 2023 වසරේදී පුද්ගලයින් 2,321 දෙනෙක් සහ ගෙවුණු වසරේදී පුද්ගලයින් 2,359 දෙනෙක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට…

Read More

ලොකු ජෙට් යානා ගනුදෙනුවකට මෝදි පැරිස් යයි

ඉන්දියාව සහ ප්‍රංශය මෙම වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 10කට වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන ආරක්ෂක ගිවිසුම් දෙකක් අවසන් කිරීම සඳහා සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ අනුව රටවල් ද්විත්වය ඔවුන්ගේ හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා, ප්‍රවාහන නෞකා සඳහා Rafale-M වර්ගයේ ප්‍රහාරක…

Read More

වර්ජනයකට පෙර ක්ලීන් ශ්‍රී ලංකා ගැන පැහැදිලි කරන ලෙස බස් සංගම් ඉල්ලයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදුකෙරෙන බස් රථ පරික්ෂාව හේතුවෙන් සිය කර්මාන්තය ගැටලු‍ රැසකට මුහුණපා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීම සඳහා බස් සංගම් නියෝජිතයින් පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂාව ඊයේ දිනයේ ද ක්‍රියාත්මක වුණා. මෙම වැඩසටහන යටතේ මගී බස්…

Read More

නීිති විරෝධිව රන් භාණ්ඩ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

තීරු බදු නොගෙවා, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද රන් භාණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. සැකකරු ළග තිබී රන් මාල 04 ක් සහ අත් පළදනා දෙකක් ඇතුලු රන් භාණ්ඩ තොගයක්…

Read More

බෝඩර් ගවස්කාර් ටෙස්ට් ශූරතාවය ඔස්ට්‍රෙලියාවට

සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වුනු තරග පහකින් සමන්විත ‘බෝඩර් – ගවක්ස්කාර්’ කුසලාන අවසන් තරගයෙන් ජය ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව ‘බෝඩර් – ගවක්ස්කාර්’ කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රෙලියාව සමත් වුණා. අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා සත්කාරකයින්ට ලකුණු 162ක ඉලක්කයක් හිමි ව තිබුණා. ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම…

Read More
Translate »