හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර ඊට තමා නිවැරදිකරු බව විත්තිකරු ප්‍රකාශ කළේය….

