සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වුනු තරග පහකින් සමන්විත ‘බෝඩර් – ගවක්ස්කාර්’ කුසලාන අවසන් තරගයෙන් ජය ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අනුව ‘බෝඩර් – ගවක්ස්කාර්’ කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රෙලියාව සමත් වුණා.
අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා සත්කාරකයින්ට ලකුණු 162ක ඉලක්කයක් හිමි ව තිබුණා.
ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
එහිදී Usman Khawaja ලකුණු 42ක් රැස් කළ අතර Beau Webster නොදැවී ලකුණු 39ක් සහ Travis Head නොදැවී ලකුණු 34ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Prasidh Krishna කඩුලු 3ක් දවා ගත් අතර Mohammed Siraj එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් බලාපොරොත්තුවත් ශ්‍රී ලංකාවට අහිමිව යනවා.