අද පොඩි වැස්සක්

අද (18) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර අද දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.  උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ…

Read More

මිලියන ගණනක කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වූ කාන්තාව 54 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී…

Read More

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා පවසයි. අජිත්. පී. පෙරේරා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවය. මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව…

Read More

LPL තරගාවලිය අදින් ඇරඹේ

මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය අද (17) ආරම්භ වනවා. මෙහි සමාරම්භක උත්සවය රාත්‍රී 7.30ට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති. තරගාවලියේ පළමු තරගය භානුක රාජපක්ෂ නායකත්වය දරණ ජැෆ්නා කින්ග්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කලම්බු කැප්ස්, දිනේෂ් චන්දිමාල්…

Read More

2020 මැතිවරණය යළිත් ප්‍රශ්න කරමින් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (17) රාත්‍රියේ ජාතිය අමතමින් 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තම දිගුකාලීන චෝදනා යළිත් ඉදිරිපත් කළ අතර, ඉදිරි මධ්‍යවාර මැතිවරණයට පෙර වඩාත් දැඩි ඡන්ද නීති හඳුන්වාදෙන ලෙසද ඉල්ලීමක් කළේය. මීට වසර හයකට පෙර පැවැති මැතිවරණය පිළිබඳව සාවද්‍ය බව ඔප්පු වී ඇති මතයන් ට්‍රම්ප් විසින් නැවතත් ප්‍රවර්ධනය කිරීම සහ තමන් ලැබූ පරාජය පිළිගැනීමට ඔහුට…

Read More

ඩෙංගු මරණ 50යි – සමස්ත රෝගීන්  73,000 ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (16) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 73,455ක් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ 50ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය සඳහන් කළේය. ඊයේ (16) දිනට පමණක් රෝගීන්…

Read More

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

නුවරඑළියේදී භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ජූලි 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ඊයේ (16) බන්ධනාගාර නිලධාරීන් විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවේ කරුණු සලකා…

Read More

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්ය. වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී….

Read More

එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට

එංගලන්තය සමඟ ඊයේ (15) පැවති තියුණු තරගයෙන් ගෝල 2-1 ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් විය. ලියොනොල් මෙසීගේ සුවිශේෂී දස්කම් සහ ලුටාරෝ මාර්ටිනස් තරගයේ 92 වැනි මිනිත්තුවේදී ලබාගත් ජයග්‍රාහී ගෝලය හේතුවෙන් මෙම පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වූ අතර, ඒ සමඟින් යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටද ආර්ජන්ටිනාවට අවස්ථාව හිමි විය. ඇට්ලන්ටා හි…

Read More

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

බ්‍රිතාන්‍ය රජය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස නිල වශයෙන් නම් කර තිබේ. බ්‍රිතාන්‍යයේ  “රාජ්‍ය තර්ජන මර්දන පනත”  යටතේ මෙම නම් කිරීමට පියවර ගැනීමත් සමඟ, ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර ඇති බව සඳහන් වේ. පසුගිය මාස කිහිපය…

Read More
Translate »