මුඛ පිළිකාවලින් ලංකාවේ දිනකට පුද්ගල මරණ 3ක්

මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ගල මරණ තුනක් වාර්තා වන බව මුඛ හා හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනුජා දක්ෂණී පතිරාජ මහත්මිය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පුරුෂ පක්ෂය අතර බහුලවම දැකිය හැකි පිළිකා වර්ගය මුඛ පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන…

Read More

රුපියල් කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් එක්ක යුවළක් මාට්ටු

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ ඇයගේ ස්වාමියා රුපියල් කෝටි දෙකකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමක දී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 6ක් සහ කාන්තාව සන්තකයේ තිබී අයිස්…

Read More

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට 

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.   ඒ අනුව ඊයේ (15) දිනයේදී රෝගීන් 1,195 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්ය.  ජූලි මස පළමු දින 15 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 17,051ක් හඳුනාගෙන ඇත.  ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර…

Read More

වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය සියතට ගනිමින් ප්‍රංශයේ ප්‍රබල ප්‍රහාරක පෙළට අවස්ථා ලබා නොදුන්නේය. 22 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සබාල් ලබාගත් දඬුවම් පහර ගෝලය ස්පාඤ්ඤයට පෙරමුණ ලබාදුන් අතර,…

Read More

ලෝක තෙල් මිල මාසයක් තුළ ඉහළම සීමාවට

අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වාත්, WTI  බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බව විදෙස්…

Read More

අදත් වියළි කාලගුණයක්

බස්නාහිර,  සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය…

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද (15) දින සිට ආරම්භ වීමට නියමිතය. ඇසළ මංගල්‍යයට සමගාමීව තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (14) දින රාත්‍රියේ දේවාල භූමියේ පිහිටි පිරිත් මණ්ඩපයේදී පැවැත්වුණි. ​රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබවක ධම්මින්ද…

Read More

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.  සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ…

Read More

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 5 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ. අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් යොමු කිරීම අගෝස්තු 15 වනදායින් අවසන් වන බව එම සම්මේලනය පවසා තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වන තරගාවලියේ දිස්ත්‍රික් තරග ජයගන්නා කණ්ඩායම් 25 බැගින් ජාතික තළයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.  පසුගිය වසරේ පැවති ජනාධිපති රන්…

Read More

සෞදි ගුවන්තොටුපොළකට හූති මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානය සඳහන් කර සිටී. මේ සමඟ සෞදි රාජධානිය සහ ඉරාන…

Read More
Translate »