පළාත් කිහිපයකට අදත් වැසි

අද (11) සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ…

Read More

මත්පෙති, කොකේන් සහ කුෂ් සමග 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

මත්පෙති, කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ කොළඹ මාධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 69ක්, කොකේන් ග්‍රෑම් 18ක් හා මත්පෙති 40ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

Read More

කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි 

July 11, 2026   09:50 am අද (11) උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබුණි. එම ගුවන්යානය මේ වනවිට මීගමු කලපු මුහුදු කලාපයට අයත් ඉහළ අහසේ පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ඇති බව වාර්තා වෙයි. —————————— Update July 11, 2026   09:25 am අද (11) උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ…

Read More

චාමිකගේ සුපිරි ඉනිමෙන් නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට

චාමික හීනටිගලගේ අතිවිශිෂ්ට පිතිකරණ දක්ෂතා හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගය ජයගැනීමත් සමග, තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන්…

Read More

උතුරු කොරියානු අගමැති චීන නිල සංචාරය අරඹයි

උතුරු කොරියානු අග්‍රාමාත්‍ය Pak Thae-song මහතා චීනයේ නිල සංචාරයකට එක්ව තිබේ.  උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා අද (10) පෙරවරුවේ හෙතෙම විශේෂ ගුවන් යානයකින් ‍චීනයේ බෙයිජිං අගනුවර වෙත පැමිණෙමින් සිය චීන නිල සංචාරය ආරම්භ කළේය.  උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උතුරු කොරියානු ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ රාජ්‍ය කටයුතු කොමිසමේ උප සභාපති, අගමැති Pak…

Read More

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (10) පෙ.ව 11ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දින පෙ.ව 11 දක්වා වලංගු වෙයි. ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

Read More

නීති විරෝධී මුහුදු කූඩැල්ලන් ජාවාරමක් කොටු වෙයි 

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු, ඩිංගි යාත්‍රා දොළහක් 12 සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ අනුව, ඊයේ (09) උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ විශේෂ සෝදිසි…

Read More

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි

බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ වන විට වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064කි. මේ අතර, අද (10) දින වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන්…

Read More

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි. මෙම තරඟාවලිය එළැඹෙන 13 වැනිදා දක්වා මොරටුව, ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ අද පැවති පළමු තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 76ක් රැස්කර ගැනීමට…

Read More

‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත. චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක් පමණ තරම්…

Read More
Translate »