අදත් වියළි කාලගුණයක්

බස්නාහිර,  සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය…

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද (15) දින සිට ආරම්භ වීමට නියමිතය. ඇසළ මංගල්‍යයට සමගාමීව තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (14) දින රාත්‍රියේ දේවාල භූමියේ පිහිටි පිරිත් මණ්ඩපයේදී පැවැත්වුණි. ​රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබවක ධම්මින්ද…

Read More

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.  සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ…

Read More

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 5 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ. අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් යොමු කිරීම අගෝස්තු 15 වනදායින් අවසන් වන බව එම සම්මේලනය පවසා තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වන තරගාවලියේ දිස්ත්‍රික් තරග ජයගන්නා කණ්ඩායම් 25 බැගින් ජාතික තළයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.  පසුගිය වසරේ පැවති ජනාධිපති රන්…

Read More

සෞදි ගුවන්තොටුපොළකට හූති මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානය සඳහන් කර සිටී. මේ සමඟ සෞදි රාජධානිය සහ ඉරාන…

Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.‍ ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී….

Read More

ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය මව හා පියා ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 57ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවක බවද සඳහන්. ඝාතනය සම්බන්ධයෙන් 26 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

Read More

මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි සොයයි

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද යන්න පිළිබඳව දැන් විමර්ශන සිදුකෙරෙමින් ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව පැවැති සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරෙන නව බන්ධනාගාරය සහ ගාල්ල, මහමෝදර පැරණි රෝහල නව…

Read More

එංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?

නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමග බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.  ඒ අනුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස යළිත් වරක් ඇන්ඩි ෆ්ලවර් පත් කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. ඉන්දියාවට එරෙහිව සවුත්හැම්ප්ටන්හි පැවැති 5 වැනි විස්සයි20 තරගයට පෙර, බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකාරිත්වයෙන් ඉවත් කළ බව…

Read More

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 06දෙනෙකු මරුට

ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. අදාළ ප්‍රහාර ඊශ්‍රායලය…

Read More
Translate »